Sunday, January 16, 2011

භානුක රාජපක්ෂගෙන් ශතකයක්

එංගලන්ත පිල කඩුලු 8 කට ලකුණු 502 යි


සංචාරක එංගලන්ත 19 න් පහළ ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවට පත්වන විට එංගලන්ත පිල ඕවර 156 කදී කඩුලු 8 කට ලකුණු 502 ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම (ඕවර 106) සියලු දෙනා දැවී ලකුණු 415යි භානුක රාජපක්ෂ 149, ධනංජය ද සිල්වා 84, යශෝධ ලංකා 80, කෞෂල්‍ය ගජසිංහ 35 ක් ලෙස ලකුණු රැස් කළහ.
පන්දු යැවීමේදී ලෙවිස් ග්‍රෙගරි ලකුණු 54 ට කඩුලු 3 ක්ද, ටොම් මිල්නස් ලකුණු 64 කට කඩුලු 2 ක්ද, ජැක් පාර්සන් ලකුණු 72 කට කඩුලු 2 ක්ද බිඳ හෙළිය.
එංගලන්ත පිල පළමු ඉනිම (ඕවර 156) කඩුලු 8 ක් දැවී ලකුණු 502 යි ඇඩම් රොසිංග්ටන් දක්ෂ පිතිහරඹයක නියැලී අගනා ලකුණු 111 ක් ලබාගත්තේ හතරේ පහර 13 ක් හා හයේ පහර 3 ක් සමගිනි. ඇඩම් බාල් (නොදැවී) 63, ලෙවිස් ග්‍රෙගරි 62, ෂිව් තාගෝර් 47, බෙන් ෆෝක්ස් 46, ඩැනියෙල් බෙල්-ඩ්‍රම්මොන්ඩ් 35 ක් ලෙස ලකුණු රැස් කළහ.
පන්දු යැවීමේදී සනීත ද මෙල් ලකුණු 102 කට කඩුලු 3 ක්ද සාරංග රාජගුරු ලකුණු 110 කට කඩුලු 3 ක්ද බිඳ හෙළීය.
අද (17) තරගයේ සිව්වැනි දිනයයි.

No comments:

Post a Comment