Monday, January 10, 2011

අන්තර් සමාජ එක්දින ක්‍රිකටි


තරගාවලියේ වීරයා මහේල උඩවත්ත 

දෙවැනි කොටසේ වීරයා නිමේෂ්


කෝල්ට්ස් හා එස්. එස්. සී. පිල සම සූරයන් බවට පත් කරමින් නිමාවට පත් වූ අන්තර් සමාජ එක් දින තරගමාලාවේ පළමුකොටසේ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට හලාවත මේරියන්ස් පිලේ නායක මහේල උඩවත්ත සමත් විය.
තරග 6 කට සහභාගිවී අර්ධ ශතක 4 ක් සමග ලකුණු 351 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාවීමට උඩවත්තට හැකි විය.
අර්ධ ශතකයත් සමග තරග 5 කදී ලකුණු 165 ක් සහ පන්දු යැවීමේදී ලකුණු 200 ට කඩුලු 11 ක් බිඳ දැමූ සී. සී. සී. පිලේ සචිත් පතිරණ තරගාවලියේ හොඳම පිතිකරු හා හොඳම පන්දු යවන්නාට හිමි සම්මාන දිනා ගත්තේය.
තරගාවලියේ වැඩිම කඩුලු ලැභියා වූයේ කෝල්ට්ස් පිලේ තිසර පෙරේරා ය. ඔහු තරග 5 කදී ලකුණු 133 කට කඩුලු 12 ක් දවාලීය.
මේ අතර බී. ආර්. සී. හා මුවර්ස් පිල සම සූරයන් බවට පත් කරලමින් නිමා වූ දෙවැනි කොටසේ තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීමට බී. ආර්. සී. පිලේ නිමේෂ් පෙරේරා (කණිෂ්ඨ) සමත් විය. ඔහු තරගාවලියේ හොඳම පිතිකරු සම්මානය ද දිනා ගත්තේය.
නිමේෂ් තරග 5 කදී අර්ධ ශතක 2 ක් සමග ලකුණු 220 ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ලකුණු 137 කට කඩුලු 11 ක්ද දවා ගත්තේය.
දෙවැනි කොටසේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ පොලිසිය නියෝජනය කළ ධම්මික සංජීවය. ඔහු තරග 5 කදී අර්ධ ශතක 2 ක් ඇතුළුව ලකුණු 223 ක් වාර්තා කළේය. යුද හමුදාවේ අජන්ත මෙන්ඩිස් තරග 5 කදී ලකුණු 174 කට කඩුලු 17 ක් බිඳ හෙලමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස පෙරමුණ ගත්තේය.

No comments:

Post a Comment