Tuesday, January 11, 2011

අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය

චන්දිමාල් සහ මහේල වයඹට ජය ගෙනෙයි





දිනේෂ් චන්දිමාල් (92) සහ මහේල ජයවර්ධන (55) නොදැවී ලබාගත් අර්ධ ශතක හේතුවෙන් අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භක තරගයේදීම බස්‌නාහිර කණ්‌ඩායම පරදා ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යාය අනුව ලකුණු 51 ක ජයක්‌ ලැබීමට වයඹ කණ්‌ඩායම ඊයේ (11 දා) සමත් විය.

ලකුණු 218 ක ජයග්‍රාහී ඉනිම හඹා ගිය වයඹ කණ්‌ඩායම පන්දුවාර 29.1 කදී ලකුණු 166 ක්‌ ලබා සිටියදී ක්‍රීඩාංගණයට පතිත වූ වැහි අන්ධකාරය හේතුවෙන් තරගය නවතා දමන විට ශතකය පෙනෙන මානයට පැමිණ සිටි 21 හැවිරිදි දිනේෂ් චන්දිමාල් පන්දු 83 කදී හතරේ පහර 8 ක්‌ සහ හයේ පහර 3 ක්‌ සමග නොදැවී ලකුණු 92 ක්‌ද නායක මහේල ජයවර්ධන පන්දු 64 කදී හතරේ පහර 4 ක්‌ සහ හයේ පහරක්‌ සමග නොදැවී ලකුණු 55 ක්‌ද ලබා සිටියේය.

ඊයේ පෙරවරු කාලයේ ක්‍රීඩාංගණය අවට ඇතිවූ තෙතමනය මත පන්දුවාර 43 කට සීමා වූ මෙම තරගයේ පළමුව ලකුණු රැස්‌ කළ බස්‌නාහිර කණ්‌ඩායමේ පිතිකරුවන් අතරින් වාර්තා වූ එකම අර්ධ ශතකය (58) නායක තිලකරත්න ඩිල්ෂාන් විසින් වාර්තා කළේය. ඔහු ඒ සඳහා පන්දු 72 ක්‌ වැය කරමින් හතරේ පහර 6 ක්‌ සහ එක්‌ හයේ පහරක්‌ එල්ල කිරීමට සමත් විය.

ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කරන ලද චමින්ද වාස්‌ පිතිකරණයෙන් ලකුණු 29 ක්‌ද පන්දු යෑවීමේදී ලකුණු 31ට එක්‌ කඩුල්ලක්‌ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්‌කම් දැක්‌වීය.

ලකුණු තත්ත්වය

බස්‌නාහිර පන්දුවාර 43 කදී කඩුලු 9 ට ලකුණු 217 යි. (තිලකරත්න ඩිල්ෂාන් 58, මලින්ද වර්ණපුර 26, චමින්ද වාස්‌ 29, රොෂේන් සිල්වා නොදැවී 40, චානක වෙලගෙදර 54/3, රංගන හේරත් 38/2, සචිත්‍ර සේනානායක 37/4 යි.

වයඹ පන්දුවාර 29.1 කදී කඩුලු 2 ට ලකුණු 166 යි. (දිනේෂ් චන්දිමාල් නොදැවී 92, මහේල ජයවර්ධන නොදැවී 55, චමින්ද වාස්‌ 31/1 යි.)

No comments:

Post a Comment