Thursday, January 13, 2011

අන්තර් පළාත් ක්‍රිකටි

උඩවත්ත සහ පරණවිතාන සබඳතාව ඌවට ජය ගෙනෙයි

 


විශිෂ්ඨ ආරම්භයක්‌ ලබාගත් මහේල උඩවත්ත සහ තරංග පරණවිතාන අන්තර් පළාත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්ම ප්‍රභල වයඹ කණ්‌ඩායම පරදා ඌව කණ්‌ඩායමට කඩුලු 8 ක ජයක්‌ ලබාදීමට ඊයේ (13 දා) සමත් විය.

ඌව කණ්‌ඩායමේ ජයග්‍රහණය සඳහා වූ ලකුණු 200 ක ඉලක්‌කය හඹා යැමට පිටියට පිවිසි පරණවිතාන සහ උඩවත්ත යුගල පළමු කඩුල්ල සඳහා පන්දුවාර 34.3 කදී ලකුණු 153 ක සබඳතාවක්‌ පිහිටුවමින් තම කණ්‌ඩායමේ ජයග්‍රහණය සඳහා මූලික අඩිතාලම සකස්‌ කළේය. එහිදී පන්දු 125 කදී හතරේ පහර 12 ක්‌ සමග ශතකය කරා ලගා වෙමින් සිටි මහේල උඩවත්ත රංගන හේරත්ගේ පන්දුවක්‌ හමුවේ දැවී යන විට ලකුණු 90 ක්‌ ලබා සිටියේය. අනෙක්‌ ආරම්භක පිතිකරු තරංග පරණවිතාන ජයග්‍රහණය තෙක්‌ කඩුල්ල රැක ගනිමින් පන්දු 105 කදී හතරේ පහර 6 කින් එක්‌ හයේ පහරක්‌ සමග තම ඉනිම සරසා ගන්නා අතරවාරයේ ලකුණු 88 කින් තම කණ්‌ඩායමට දායකත්ව සැපයීය.

ඌව කණ්‌ඩායමේ නම් දැරූ පිතිකරුවන්ට දිගු ඉනිමක්‌ ක්‍රීඩා කිරීමට නොහැකි වුවද දිමුත් කරුණාරත්න ඉවසිලිවන්ත ඉනිමක්‌ ක්‍රීඩා කරමින් පන්දු 82 කදී හතරේ පහර 3 ක්‌ සමග අර්ධ ශතකයකින් (52) වයඹ ඉනිම ශක්‌තිමත් කිරීමට සමත්විය.

ලකුණු තත්ත්වය

වයඹ පන්දුවාර 44.5 කදී සියල්ල දැවී ලකුණු 199 යි. (දිමුත් කරුණාරත්න 52, මහේල ජයවර්ධන 28, ෂාලික කරුණානායක 20, දිල්හාර ප්‍රනාන්දු 63/2, ෂමින්ද එරංග 31/3, මාලිංග බණ්‌ඩාර 44/2, ජනක ගුණරත්න 24/2 යි.)

ඌව පන්දුවාර 42.3 කදී කඩුලු 2 ට ලකුණු 200 යි. (තරංග පරණවිතාන නොදැවී 88, මහේල උඩවත්ත 90, රංගන හේරත් 37/2 යි.)
 

No comments:

Post a Comment