Wednesday, January 12, 2011

අන්තර් පළාත් එක්දින ක්‍රිකට්

කඳුරට පිලට ලකුණු 96ක ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) එස්. එස්. සී. පිටියේ පැවැති කඳුරට හා රුහුණු කණ්ඩායම් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 96 ක ජයක් අත්කර ගැනීමට කඳුරට කණ්ඩායම සමත් විය.
ඊයේ සවස රුහුණු පිල දෙවනුව පන්දුවට පහර දෙමින් සිටියදී ඇති වූ අලෝකය මඳවීමේ හේතුවෙන් තරගය නතර කරන විට පළමුව පන්දුවට පහරදුන් කඳුරට පිල රැස් කළ ලකුණු 268 ට පිළිතුරු වශයෙන් රුහුණු පිල ඕවර 24.1 කදී කඩුලු 7කට ලකුණු 115ක් ලබා සිටියේ ය.
පළමුව පන්දුවට පහර දුන් කඳුරට පිලේ නායක කුමාර් සංගක්කාර පන්දු 109කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 68ක් රැස් කළ අතර ඇන්ජලෝ පෙරේරා පන්දු 61කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් ඇතුළුව නොදැවී ලකුණු 62ක් ලබා ගත්තේ ය.
කඳුරට - 268 / 7 (ඕවර 50)
කුමාර් සංගක්කාර 68, ඇන්ජලෝ පෙරේරා නොදැවී 62, ජෙහාන් මුබාරක් 42, සුරංග (ලක්මාල් 48 / 3, සනත් ජයසූරිය 31 /2)
රුහුණු - 115 / 7 (ඕවර 24.1)
චාමර සිල්වා නොදැවී 34, සනත් ජයසූරිය 29 (චමින්ද විදාන පතිරණ 13 / 2, චතුර පීරිස් 32 / 2) පෙරේදා වයඹ හා බස්නාහිර කණ්ඩායම් අතර පැවැති පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 47ක ජයක් ලබා ගැනීමට වයඹ පිල සමත් විය.

No comments:

Post a Comment