Tuesday, February 1, 2011

යොවුන් එක්‌දින ක්‍රිකට්‌ ශුරතාව ශ්‍රී ලංකාවට


තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා-එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට්‌ තරගාවලියේ ඊයේ (01 දා) පැවැති තෙවැනි තරගයෙන්ද කඩුලු 9 ක පහසු ජයක්‌ අත්කරගත් ශ්‍රී ලංකා යොවුන් කණ්‌ඩායම තවත් තරග 2 ක්‌ ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක්‌ වශයෙන් ජය ගැනීමට සමත්විය.

කෝල්ට්‌ස්‌ ක්‍රීඩා පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත අවු. 19 න් පහළ කණ්‌ඩායම පන්දුවාර 46.2 කදී සියලු දෙනාම ලකුණු 132 කට සීමා කරවීමට ළහිරු ජයරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.

අනතුරුව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා අවු. 19 න් පහළ පිල එම ඉලක්‌කය පන්දුවාර 18.2 කදී එක්‌ කඩුල්ලක්‌ පමණක්‌ දැවී රැස්‌ කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය පිත්තෙන් නොදැවී ලකුණු 60 ක්‌ සහ පන්දු යවමින් ලකුණු 11 කඩුලු 2 ක්‌ දවාගනිමින් තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්‌කම් දැක්‌වීය.

ලකුණු සාරාංශය

එංගලන්ත අවු. 19 න් පහළ පිළ පන්දුවාර 46.2 කදී 132යි(ස්‌ලේටර්(නොදැවී 36), තකෝර් 18, සනිත ද මෙල් 25/2, ෂෙහාන් ජයසූරිය11/2, ළහිරු ජයරත්න 18/3, අමිල අපෝන්සු 26/2)

ශ්‍රී ලංකා අවු. 19 න් පහළ පිල පන්දුවාර 18.2 කදී ලකුණු 133/1යි(ෂෙහාන් ජයසූරිය(නොදැවී) 60, රමිත රඹුක්‌වැල්ල 38, ප්‍රබෝධ ලංකා(නොදැවී) 22)

No comments:

Post a Comment